News Line| Off Air
Generic placeholder image

Dec
3

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

717 Views


ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබෙනවා.

ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙක් වනවා.

ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන අතර මෙම කාලය තුළ රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post