ජර්මනියේ නත්තල් සීයලාගේ විශාලතම හමුව පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා.
එම හමුව පැවැත්වුණේ බවේරියා ප්‍රාන්තයේදීයි.
සිය සහායකයන්ද සමඟ නත්තල් සීයලා 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජර්මනියේ බවේරියා ප්‍රාන්තයේ නගරයකට පැමිණ තිබෙනවා.
සුන්දර නත්තලේ සිරි අසිරි විඳගන්නට සලස්වමින් නගරයේ පෙළපාලියකට සහභාගී වීම සහ ගිනස් වාර්තාවක් පිහිටුවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණු බව සඳහන්.
මේ නත්තල් සීයලා ආගමික උත්සවයක් වන නත්තලට වාණිජ මුහුණුවරක් එක්කිරීමට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබෙනවා.
සාන්තුවරයෙක් වන නත්තල් සීයා කුඩා දරුවන් වෙනුවෙන් පෙනී සිටි අයෙක් බවත් එම සම්ප්‍රදාය අභාවයට යාමට ඉඩ නොදිය යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා.
නත්තල් සීයලාගේ මෙම හමුව පළමු වරට සිදුවුනේ මීට වසර 40 කට පෙරයි.
ප්‍රධාන නත්තල් සීයාගේ අදහසකට අනුව පසුගිය වසරේ සිට ඊට දැවැන්ත පෙළපාලියක්ද එක්කර ඇති අතර එහි අරමුණ වන්නේ මෙම හමුවට ජනතාවගේ වැඩි අවධානයක් දිනාගැනීමයි.
නත්තල් සීයලා වැඩිම පිරිසක් එකම අවස්ථාවක එකම ස්ථානයකට සහභාගී වූ අවස්ථාවක් ලෙස ඉකුත් වසරේදී පැවති හමුව ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියනු ලැබුවා.
මේ වසරේත් ඔවුන් සිය වාර්තාව අලුත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.