News Line| Off Air
Generic placeholder image

Dec
5

කණ්ඩලම වාන් දමයි – ගමනාගමනයට දැඩි බලපෑම්

869 Views


කණ්ඩලම වාන් දමයි –  ගමනාගමනයට දැඩි බලපෑම්

පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ජලාශ වාන් දැමීමට ලක්ව තිබෙනවා. ඒ අතර කණ්ඩලම වැව වාන් දැමීම ඊ්‌යේ පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසනවා. අඟල් හයක් පමණ මෙලෙස වාන් දැමූ කණ්ඩලම වැව අද දින උදෑසන වනවිට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් දඹුල්ල වෑවල වැව යන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන අතර කුඩා පාලමෙන් භාවිතා කරමින් යතුරුපැදි ත්‍රිරෝද රථ ගමන් කිරීමට පහසුකම් සලසා තිබෙන අතර වාන මතින් දිවෙන මාර්ගයේ බස් ගමනාගමනයට පමණක් සීමාවී තිබෙනවා.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල පොලීසියට අනියුක්ත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සේවයේ යොදවා තිබෙන බව පොලීසිය පවසයි. අධික ජල කඳක් පවතින හේතුවෙන් කණ්ඩලම වැවේ වාන අතර දිය නෑම සහ දිය කෙළියේ යෙදීම නොකරන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post