News Line| Off Air
Generic placeholder image

Dec
5

නීතිවිරෝධී සංක්‍රමණිකයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට

626 Views


නීතිවිරෝධී සංක්‍රමණිකයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදි මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, වාකරේ, එරාවුර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.

ඔවුන් අවුරුදු 24 ත් 32 ත් අතර වයස්වල පසුවන්නන් බව අප වාර්තාකරු පැවසුවා.

සැකකරුවන් මුහුදු මාර්ගයෙන් මෙරටින් පිටවීම සඳහා වෑන් රථයකින් අදාළ ප්‍රදේශවල සිට පැමිණ ඇති අතර, එහි රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස කුමන රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළේද යන්න අනාවරණ කරගැනිම සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලීසිය ප්‍රකාශ කළා.

මොවුන් මීගමුවේ පිහිටි තොටුපලකින් සංක්‍රමණය වීමට උත්සාහ කර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post