පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබෙනවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවයි.
ඒ අනුව අනිවාර්යයෙන්ම අද පෙනී සිටි ප්‍රශ්න පත්‍රය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා ගත හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසුවා.