News Line| Off Air
Generic placeholder image

Dec
5

මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

525 Views


මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක්

ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදය නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය නිරන්තරයෙන් හිමිවන බවත්, ආර්ථීක මෙන්ම සංස්කෘතික කටයුතු සදහා ඉදිරියේදි ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවත් එහිදී තානාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට පැවසුවා.

මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල තානාපතිවරුන් එක්ව සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post