News Line| Off Air
Generic placeholder image

Dec
6

තද වැසි තව දුරටත්

484 Views


තද වැසි තව දුරටත්

දිවයිනේ ප්‍රදේශ බොහෝමයකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව ඒමේ දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක පුද්ගලයින් බොහෝ පිරිසක් පිඩාවට ලක්ව තිබෙන අතර අදත් දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ඉක්ම වූ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post