News Line| Off Air
Generic placeholder image

Dec
6

ජනපති හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

430 Views


ජනපති හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති අතර හමුවක්

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා.

එහිදී මාලදිවයින් විදේශ ඇමතිවරයා එරට රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුභාශිංසන එක්කර තිඛෙනවා.

දෙරට අතර සබඳතාවල වත්මන් ප්‍රගතිය පිළිබඳව සතුට පළ කළ ඔහු ද්විපාර්ශවික සබඳතා පමණක් නොව කලාපීය සබඳතා වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ද්විපාර්ශවික සහ කලාපීය සබඳතා අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බව එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post