News Line| Off Air
Generic placeholder image

Dec
6

සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරයි

1713 Views


සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරයි

ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුදු, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉගුරු, කහ සහ කරාබුනැටි ආනයනය තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මුදල් පණතේ වාණිජ කේන්ද්‍රස්ථාන අනුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අනුව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම තහනම බල පැවැත්වෙන බව සදහන්.

ඒ අනුව අදාල ගැසට් නිවේදනය මගින් සෘජු ප්‍රතිඅපනය හා සුලු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කෙරෙන කුලුබඩු ආනයනය තහනම් වනවා.

මෙම තීරණයත් සමග දිස්ත්‍රික් 09 ක පමණ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට ප්‍රතිලාභ හිමිවන බව මුදල් අමාත්‍යාංශය සදහන් කළා.

එමෙන්ම ආනයන අපනයන පනතේ රෙගුලාසි ප්‍රකාරව නිකුත් කර ඇති දෙවැනි ගැසට් නිවේදනය හරහා දේශිය වශයෙන් ගුණාත්මක බවින් ඉහල හා තරගකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කුඩු/ සරුංගල් හා හදුන්කූරු නියාමනයට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කසල පිරිසැකසුම් මෙන්ම ප්‍රතිචක්‍රීකරණයට අදාල කිසිදු ව්‍යාපෘතියක් සදහාද අවසර නොලැබෙන අතර එමගින් දේශිය ගුණාත්මක තත්වයෙන් යුතු ඉහල අමුද්‍රව්‍ය සමග තත්වයෙන් පහල ආනයනික අපද්‍රව්‍ය කලවම් කර ප්‍රති අපනයනය වැලැකෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.

ප්‍රමිතියකින් තොරව සිදු කෙරෙන ප්‍රති අපනයනය හේතුවෙන් අපනයන සන්නාමයක් වශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති කීර්ති නාමයට සිදුවන හානිය වළක්වා ගැනීම මෙහි අරමුණ වනවා.


News Articles
Latest Videos
Most Popular Post