ජල ගාස්තුවේ යම් වෙනසක් පිලිබදව ඉදිරියේදී බලපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුව තිබුනද එය සිදු නොවන බවත් එසේ වන්නේ අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු වන හෙයින් බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් කිසිම විටක අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු හරහා පීඩනයක් ඇති නොවන බවයි විෂයහාර අමාත්‍ය වරයා සදහන් කරන්නේ.