News Line| Off Air
Generic placeholder image

Dec
6

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කරයි

678 Views


අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කරයි

අමෙරිකාවේ කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා.

නත්තල් සමයේදී ප්‍රධාන වශයෙන් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර නත්තල් ගස් දෙකක් පමණ ප්‍රදර්ශනය කරනු ලබනවා.

ඉන් එකක් ධවල මන්දිරයේ ප්‍රදර්ශනය කෙරෙන අතර අනෙක කැපිටල් නත්තල් ගසයි.

කැපිටල් නත්තල් ගස ආලෝකමත් කිරීමේ උත්සවය පසුගියදා උත්කර්ශවත් ලෙස පැවැත්වුණ අතර මෙවර කැපිටල් නත්තල් ගස ලෙස යොදාගෙන තිබෙන්නේ අඩි 60ක් උසැති බ්ලූ ස්පෘස් වර්ගයේ ගසක්.

නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ වනාන්තරයකින් ගෙන එන ලද එය අලංකාර ලෙස සරසා මේ වන විට ප්‍රදර්ශනය කර තිබෙනවා.

එය ජනවාරි පළමුවන දින රාත්‍රී එකොළහ වන තෙක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post