දවසක් හරි වැඩියෙන් ජිවත් වෙන්න මිනිස්සු ඕනෑම දෙයක් කරයි. ඒ වුණාට ලෝකේ එක එක රට වල මිනිස්සුන්ගේ ආයු කාලය එකිනෙකට වෙනස්.
මේ ලගදි ලෝකේ වැඩිම ආයු අපේක්ෂාව තියෙන්නෙ මොන රටේද කියලා පරිකශ්ණයක් කරලා තිබ්බා. දකුණු කොරියාවේ අය තමයි ලෝකේ වැඩිම කාලයක් ජීවත් වෙනවා කියන්නෙ. ඔවුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 90 ක්. පුදුමයි නේද? එයාලගේ කොලොස්ටරෝල් තියෙන කෑම අඩු වීම තමයිලු මේකට ප්‍රධානම හේතුව.
ලෝකයේ වැඩිම ආයු අපේක්ෂාවක් තියෙන අනෙක් රටවල් තමයි සිංගප්පුරුව සහ ජපානය. සිංගප්පුරුවේ ජනතාව අවුරුදු 83 වඩා ජීවත් වෙනවලු. ජපානයේ අය අවුරුදු 83 ක් විතර ජිවත් වෙනවලු. ස්පාඤ්ඤයේ අය අවුරුදු 82 ක් සහ ස්විට්සර්ලන්තයේ ය අවුරුදු 81 ක් යු අපේක්ෂා කරනවලු.
ලංකාවේ අපේ ආයු අපේක්ෂාව නම් අවුරුදු 75 ක් කියලා තමයි හොයාගෙන තියෙන්නෙ. ලෝකයේම වැඩිම ආයු අපේක්ෂාවක් තියෙන රටවලින් අපි ඉන්නෙ 67 වෙනි තැන.
නිවැරදි ආහාර රටාව වගේම යහපත් සෞඛ්‍ය පුරුදු නිසා ඒ රටවල ජනතාව දිගු ආයුකාලයක් ජිවත් වෙනවා කියලයි සමීක්ෂකයෝ කියන්නෙ. ලෝකයේම ජනතාවගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 71 ක් විදියට සැලකෙනවා.