News Line| Off Air
Generic placeholder image

Dec
6

බෙංගාලබොක්ක යළි කැළඹෙයි – එළඹෙන 11 වනදා තෙක් තද වැසි

824 Views


බෙංගාලබොක්ක යළි කැළඹෙයි – එළඹෙන 11 වනදා තෙක් තද වැසි

දිවයිනට දකුණු ප්‍රදේශයෙන් බෙංගාලබොක්ක ප්‍රදේශයේ යළි කැළඹිලි සහිත ස්වභාවයක් හටගෙන තිබෙනවා.

මීට පෙර පැවති කැළඹිලි සහිත ස්වභාවය පහව ගියද ඉදිරි සතිය තුළත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

විශේෂයෙන් උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලට එළඹෙන 11 වනදා පමණ වනතෙක් තද වැසි බලාපොරොත්තු විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ත්, 200ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බව සදහන්.

දැනට පවතින තද වර්ෂාව හේතුවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි.

එමෙන්ම පවතින අධික වැසි හේතුවෙන් දිවයින පුරා පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 30 ක් පමණ වාන් දමමින් තිබෙනවා.

මල්වතු ඔය සහ යාන් ඔය පිටාර මට්ටමට පැමිණ ඇති අතර එම නිසා පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න කියා සිටියා.

අධික වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ඉදිරි දින කිහිපයේදීද දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post