News Line| Off Air
Generic placeholder image

Dec
6

විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ අභියාචනා මැයි 19 දා විභාගයට

645 Views


විද්‍යා ඝාතන නඩුවේ විත්තිකරුවන්ගේ අභියාචනා මැයි 19 දා විභාගයට

2015 වසරේ යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ දී ශිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් හත් දෙනෙකු විසින් එම දඬුවමින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අභියාචනා මැයි මස 19 වනදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම නඩුව අද ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ අභියාචනා සලකා බැලීම සඳහා මැයි මස 19 වන දා කැඳවන ලෙසයි.

2015 වසරේ පුංකුඩුතිව් ප්‍රදේශයේ දී සිවලෝගනාදන් විද්‍යා නමැති පාසල් සිසුවියක් පැහැර ගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2017 වසරේ සැප්තැම්බර් මස 27 වන දා මරණීය දණ්ඩනය පනවන ලදී.

තමන්ට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය පනවා තිබෙන ආකාරය නීති විරෝධී බවත් එබැවින් එය අහෝසි කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post