රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බවයි. එමෙන්ම තමන්ට විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා පසුගිය සමයේ රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක ද නිරත වූ අතර ඒ අනුව පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඔවුන් සඳහා රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට අනුමැතිය ලබා දුන්නා.
සිරිපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, එම දීමනාව එලෙස ජනවාරි 1 වැනි දා සිට ලබාදෙන බවයි.