News Line| Off Air
Generic placeholder image

Dec
9

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි තීන්දුව ගැන අවසන් තීරණය අද

814 Views


බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි තීන්දුව ගැන අවසන් තීරණය අද

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳ අද(09) දිනයේ තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට නියමිත බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මීට අමතරව යුධ හමුදාව සමඟ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබඳ එම සාකච්ඡාවලදී අවධානය යොමුවනු ඇති බව සඳහන්. විදේශ සබදතා අමාත්‍යාංශය විසින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීමට ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post