මෙවර ශ්‍රි පාද සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට දින සිදු කරනු ලබන අතර ඒ අනුව අද පස්වරුවේ සිට හෙට අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙනවා.
පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව හෙට අළුයම පෙරහර ආරම්භ කෙරෙන අතර එය පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, දෙහිඹ්විට, කරවනැල්ල, හැටන් මස්කෙළිය ඔස්සේ නල්ලතන්නිය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
උඳුවප් පොහොය අනිද්දා යෙදී ඇති අතර ඒ සමඟම ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කෙරෙනු ඇති අතර ශ්‍රි පාද වන්දනා සමය එළඹෙන වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතයි.
ශ්‍රි පාද වන්දනා සමය වෙනුවෙන් පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම්වරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී ප්‍රධාන කරුණු 08ක් සඳහන් කර ඇති අතර පැල්මඩුල්ල නගරයේ සිට ශ්‍රි පාද විහාර භූමිය දක්වා ආධාර එකතු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.