News Line| Off Air
Generic placeholder image

Dec
9

ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීමේ තහනම් නියෝගය ලබන 12 දක්වා දිගු කෙරේ

636 Views


ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීමේ තහනම් නියෝගය ලබන 12 දක්වා දිගු කෙරේ

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද නියෝග කළා.

ඒ එම නඩුව අද අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුවය. මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී ඇයට අද තෙක් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරිමට අධිකරණයට කටයුතු කළා.

මේ අතර අදාළ සේවිකාවගෙන් ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක පමණ ප්‍රකාශයක් ලබාගත් අතර අද දිනයේදීත් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post