News Line| Off Air
Generic placeholder image

Dec
9

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක

641 Views


බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ සේවකයින් වැඩ වර්ජනයක

සිය ඩිපෝවේ සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ඉටු නොකළැයි දියතලාව පොලීසියට විරෝධය දක්වා බණ්ඩාරවෙල ශ්‍රී ලංගම ඩිපෝවෝ සියලු බස්රථ ධාවනයෙන් ඉවත් කොට එහි සියලු සේවකයන් අද වැඩ වර්ජනයක නිරත වුණා.

ඉකුත් දා බණ්ඩාරවෙල- දියතලාව අතර ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස්රථයක සේවක දෙපළක් විසින් පහරදීමක් හේතුවෙන් එම කොන්දොස්තරවරයා බරපතළ තත්ත්වයෙන් යුතුව දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පැවසෙනවා.

එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරුවන්ට ඇප දිම සම්බන්ධයෙන් ⁣පොලීසිය විරුද්ධ නොවීම මත බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන්ට ඇප ලබාදී තිබෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දියතලාව පොලීසියට විරෝධය දක්වමින් බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස්රථ 116 ම ගාල් කොට ධාවනයෙන් ඉවත්ව කිසිදු පුද්ගලික බස් රථයකට බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුමට ඇතුල්වීමට නොදී අවහිර කොට ශ්‍රී ලංගම සියලු සේවකයන් වර්ජනයේ යෙදි සිටියා.


News Articles
Latest Videos
Most Popular Post