දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නිමාවට පත් වීමට සුදානමින් සිටිනවා. ඉකුත් 01 වෙනිදා සිට ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සදහා රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් හා ලෝකඩ පදක්කම් 118ක් ඇතුළත්ව තිබෙනවා.
පදක්කම් සටහනේ පළමු ස්ථානය ඉන්දියාව දිනාගෙන ඇති අතර සත්කාරක නේපාලය එහි දෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.