News Line| Off Air
Generic placeholder image

Dec
10

නත්තල වෙනුවෙන් ටැලීන් අගනුවරත් බැබළෙයි

588 Views


නත්තල වෙනුවෙන් ටැලීන් අගනුවරත් බැබළෙයි

උත්සව සමය වෙනුවෙන් එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි උද්‍යානයක් විදුලි ආලෝකයෙන් හැඩගන්වා තිබෙනවා.

චීන සම්ප්‍රදායට අයත් තේමාවක් යටතේ මෙලෙස උද්‍යානය හැඩගන්වා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.

උදාවන නත්තල වෙනුවෙන් එස්තෝනියාවේ ටැලින් අගනුවර උද්‍යානයක්,එල් ඊ ඩී විදුලි බුබුළු දසදහසකට අධික ප්‍රමාණයක් යොදාගනිමින් ආලෝකමත් කර ඇති අතර පළමු වරට සිදුකෙරෙන මෙම ආලෝකකරණය සඳහා සාම්ප්‍රදායික චීන තේමාවක් මූලික කරගෙන තිබෙනවා.

මෙය සත්ත්ව රූප, පහන් කූඩු හා සාම්ප්‍රදායික චීන ගොඩනැගිලිවල ආකෘති ආලෝක රටාවලින් හැඩගන්වා ඇති අතර මීටර 40 ක් දිගැතිව නිර්මාණය කර තිබූ මකරා වැඩි අවධානයක් දිනාගැනීමට සමත්වූ බව විදෙස් වාර්තා සඳහන් කළා.

ආලෝකමත් කරන ලද උද්‍යානය විවෘත කිරීමේ අවස්ථාවට විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව ඇති බව සදහන්.

පහන් යනු චීන වැසියන් බලාපොරොත්තුවේ සංකේතයක් වශයෙන් සලකන දෙයක් බවත් චීන සම්ප්‍රදායට ගරුත්වයක් ලෙස මෙය පවත්වන බවත් උද්‍යාන කළමනාකරු ප්‍රකාශ කළා.

මෙම ආලෝක රටා ලබන වසරේ ජනවාරි 12 දින තෙක් ටැලින් උද්‍යානයේදී දැකගත හැකි බවත් ලක්ෂයකට වැඩි පිරිසක් උද්‍යානය නැරඹීමට පැමිණෙනු ඇති බවත් බලධාරීන් අපේක්ෂාව වනවා.


News Articles
Latest Videos
Most Popular Post