News Line| Off Air
Generic placeholder image

Dec
10

මරණ දණ්ඩනයෙන් සර්පයා නිදහස්

1521 Views


මරණ දණ්ඩනයෙන් සර්පයා නිදහස්

පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සර්පයා නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

2009 වසරේ කලවාන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකින් යට කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවක් විභාග කළ රත්නපුර මහාධිකරණය විසින් හසිත මුහන්දිරම් නමැත්තාට මරණීය දණ්ඩනය පනවා තිබෙනවා.

තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ම නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් හසිත මුහන්දිරම් නමැත්තා විසින් අභියාචනාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර ඇති බව සදහන්.

එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරිය විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය දුන් තීන්දුව නීතියට පටහැනි බව සඳහන් කළ අතර ඒ අනුව විත්තිකරු නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.


News Articles
Latest Videos
Most Popular Post