උත්සව සමය නිසා පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීම සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟතාව පලකර ඇත. මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹුණු බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේය. ඒ අනුව ඊයේ (10) දිනයේ සිට ක්‍රියාක්මක වන පරිදි නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක උපරිම සිල්ලර මිලකට සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 ක උපරිම සිල්ලර මිලකට ද අලෙවි කිරීමට එකඟතාව පල වී ඇත. සහන මිලට සහල් ලබා දීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගත් තීරණයට අනුව පාරිභෝගික ජනතාවට එම මිලට හිඟයකින් තොරව සහල් මිල දී ගැනීමට හැකි වන බව මුදල් අමාත්‍යාංශය පවසා ඇත. අද සිට සහල් මෝල් හිමියන්ගේ බෙදා හැරීම් ජාලය ඔස්සේ සහන මිලට මිල දී ගත හැකි වන පරිදි සහල් බෙදා හැරීම සිදු කෙරෙන බව සදහන්.