අද නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයකට අද පැය 7 ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත. නුගේගොඩ, මිරිහාන, ඇතුල්කොට්ටේ, පිටකොට්ටේ, නාවල, උඩහමුල්ල සහ ගංගොඩවිල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් එය අද රාත්‍රී 10.00 සිට හෙට අළුයම 05.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේය. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශ සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.