News Line| Off Air
Generic placeholder image

Dec
11

ඩෙංගු රෝගය මර්දනයට නව ක්‍රමවේදයක්

622 Views


ඩෙංගු රෝගය මර්දනයට  නව ක්‍රමවේදයක්

ඩෙංගු රෝගය මර්දනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. “වොල්බැකියා“ නම් බැක්ටීරියාවක් ඒ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කලා. ඒ අනුව ලබන පෙබරවාරි මාසයේ දී නියමු ව්‍යාපෘතියක්ලෙස එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙම ක්‍රමවේදය ලෝකයේ රටවල් කිහිපයක ද සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර ඒ හරහා මෙරට ඩෙංගු රෝගය මර්දනය කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post