දිවයින පුරා අදත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව දිවයිනේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම නැගෙනහිර පළාත් වලත් සවස් කාලයේ මි.මී. 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කල හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.