News Line| Off Air
Generic placeholder image

Dec
12

සාග් ක්‍රීඩා උළෙලට සහාභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණෙයි

564 Views


සාග් ක්‍රීඩා උළෙලට සහාභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම  දිවයිනට පැමිණෙයි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකයින් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 4182 දරන ගුවන් යානයෙන්.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40 ක් රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමගින් ලබාගත් පදක්කම් 251 ලබා ගැනීමට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපොල වෙත පැමිණ සිටියා.


News Articles
Latest Videos
Most Popular Post