නව රජය බලයට පත් වීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදැසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පළමුවරට රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිල බලයෙන් කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා තේරී පත්ව සිටින අතර කෙසේ වෙතත් අද දිනයේ රැස්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂනායකවරයා ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට එම සඳහා අවස්ථාව හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.
හේතුව නම්, විපක්ෂනායකවරයා ලෙස නිල වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කර නොතිබීමයි.