News Line| Off Air
Generic placeholder image

Dec
12

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබද පරික්ෂණ වාර්තාව අද අධිකරණයට

589 Views


ස්විස් තානාපති කාර්යාලයේ  සිද්ධිය පිළිබද පරික්ෂණ වාර්තාව අද අධිකරණයට

ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශිය නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල වාර්තා පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) දිනයේ අධිකරණයට කරුණූ ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා. පසුගියදා පැහැරගැනිමට ලක්වූ බව කියන අදාල නිලධාරිනිය සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා තුනකදී සාක්ෂි සටහන් කර ගැනිම සිදු කරනු ලැබුවා.

එම සාක්ෂි සටහන් කර ගැනිම සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු කර ඇති පරික්ෂණවල ප්‍රගතිය අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමට නියමිතයි.

අදාල පරික්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදු වන අතර යලිත් වරක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරිමට බලාපොරොත්තු වන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට සිදු කර ඇති පරික්ෂණ වලට අනුව අදාල නිලධාරිනිය විසින් පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇතැම් බාහිර පාර්ශවයක මැදිහත්වීමක් මෙම සිද්ධිය පිටුපස ඇද්ද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post