News Line| Off Air
Generic placeholder image

Dec
12

මිනී මැරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණිය දණ්ඩනය

1021 Views


මිනී මැරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණිය දණ්ඩනය

දාහත් හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළ‌ අතර ඒ අනුව කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත්‍රිගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම වී තිබෙනවා.

මෙහි ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මග හැර පළා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලදී.

2001 වසරේ අප්‍රේල් මස 12 වනදා කොටහේන ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් දාහත් හැවිරිදි පණ්ඩුක ප්‍රසාද් විස්වන්ත නැමති තරුණයෙකුට පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කලා. ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post