පොල් ගොවියා සහ පාරිහෝගිකයා ආරක්ෂා කිරීමටත්, පොල් වගාව ප්‍රවර්ධනයටත් අවශ්‍ය ඉදිරි පියවර නුදුරේදීම ක්‍රියාත්මක කරන බව වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
ඊයේ පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ පොල් කර්මාන්ත සුරැකීමේ සංවිධාන එකමුතුව අතර ඊයේ පෙරවරුවේ හමුවක් පැවැත්වු අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඉඩම් කැබලි කිරීම හරහා ශ්‍රී ලංකාවේ පොල් වගාව විශාල අවදානමකට ලක්ව ඇති බවයි.