News Line| Off Air
Generic placeholder image

Dec
13

රෝහිත බෝගොල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්

1510 Views


රෝහිත බෝගොල්ලාගම අල්ලස් නඩුවෙන් නිදහස්

හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම හිටපු ආණ්ඩුකාරවරයෙක්ද වන රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා.
ඔහු නිදහස් කිරිමට අදාළ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම දූෂණය වගන්තිය යටතේ මෙම චෝදනාව ගොනු කර තිබු අතර කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකිරීම හේතුවෙන් චෝදනාවලින් ඔහුව නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියෝග කර තිබිණි. එම නියෝගය අනුව මෙසේ රෝහිත බෝගොල්ලාගම මහතාට නිදහස හිමිවුණා.

එසේම අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් යුතුව නැවත නඩු පැවරීමට හැකි බවද එම නියෝගයේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post