මෙවර නත්තල වෙනුවෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර අයිස් යොදාගෙන වංකගිරියකට සමාන ගුහාවක් නිර්මාණය කර තිබෙනවා.
මෙය නුදුරේදීම ජනතාවට විවෘත වන බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙලෙස අයිස් කුට්ටි භාවිත කරමින් නිර්මාණය කරනු ලැබූ වංකගිරියකට සමාන ගුහාව කාගෙත් අවධානය දිනාගෙන තිබෙනවා.
උසින් අඩි 7ක් පමණ වන මෙම නිර්මාණය සදහා විශාල පිරිසකගේ දායකත්වය හිමිව ඇති බව සදහන්.
නිර්මාණය සඳහා ආසන්න වශයෙන් අයිස් කුට්ටි 300 ක් පමණ යොදා ගෙන ඇති අතර ඒවායේ සමස්ත බර කිලෝග්‍රෑම් 57 000කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කළා.
මෙම පාරදෘශ්‍ය අයිස් කුට්ටි අසල දීප්තිමත් ආලෝක බුබුලු යොදා ගැනීමටත් සංවිධායකයන් අපේක්ෂා කරනවා.
මෙම දැවැන්ත නිර්මාණය සදහා අවශ්‍ය අයිස් කුට්ටි සපයාගෙන තිබුණේ මිසූරි ප්‍රන්තයෙන්.
වර්ෂාවෙන් එල්ල වන බලපෑම් පාලනය සදහා මෙම වංකගිරිය කූඩාරමකින් ආවරණය කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබෙනවා.