News Line| Off Air
Generic placeholder image

Dec
14

කොළඹට අද රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

899 Views


කොළඹට අද රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නාගරික බල ප්‍රදේශයේ ස්ථාන රැසකට අද රාත්‍රී 8 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම කාලසීමාව තුළ කොළඹ එකේ සිට 15 දක්වා ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම, මෙම කාලසීමාව තුළදී කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post