News Line| Off Air
Generic placeholder image

Dec
14

ගොත අසංකගේ සහයකයෙක් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට

685 Views


ගොත අසංකගේ සහයකයෙක් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගොත අසංක නැමැත්තාගේ සහයකයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 11කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී දොම්පේ, මල්වාන ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බව සදහන්.

සැකකරු රණාල නවගමුව සහ කඩුවෙල යන ප්‍රදේශවල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බව අනාවරණය වී තිබෙනවා.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රැම් 753ක තොගයක් විශේෂ කාර්ය බලකා නිළධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා දොම්පේ පොලීසිය වෙත මෙම සැකකෘ භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post