සුපිරි හොරකමක් කරන්න සුපිරි මොළයක් තියෙන්න ඕන. ඒකයි සමහර හොරකං සිද්ධ වුණාද කියල දැනගන්නත් සෑහෙන්න කල් යන්නේ. හැබැයි දැන් දැන් ගොඩාක් හොරකං මහා කට්ට දවාලේ දාහක් ඇස් ඉස්සරහත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බැංකු මංකොල්ල වගේ ඒවා සිද්ධ වෙන්නෙම දවාලෙනේ.
සම්මාන පිට සම්මාන දිනපු ලංකාවේ සුපිරිම නලුවෙකුත් මහා දවාලේ බැංකුවක් මංකොල්ල කන ඡායාරුප වගයක් අපිට ලැබුණා. ඔහු ධර්මප්‍රිය ඩයස්. පහුගිය රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නළුවා. ඇයි ඩයියා බැංකුවක් කොල්ල කන්න ගියේ… ඩයියාට ඔච්චරටම අග හිගකම්ද?
මේ Photos දකිද්දී ඔබටත් එහෙම හිතෙයි. හැබැයි ඇත්තටම ධර්මප්‍රිය බැංකුව හිස් කරන්න ගියේ ඔහු වෙනුවෙන් නෙවෙයිලු. රට වෙනුවෙන්ලු. ඒ නිසා හොරකමක් කරාට ධර්මප්‍රිය ඩයස් ජාතික වීරයෙක් වෙලා.









මුල් බැංකු කොල්ල ටික සාර්ථක වුණු නිසා ධර්මප්‍රිය තීරණය කරලා ආයිත් බැංකුවක් මංකොල්ල කන්න. ඒ රට ජාතිය වෙනුවෙන්. පොලීසියටත් කලින්ම සියත 24 අපිට ඒ ගැන නිර්නාමික ඇමතුමකින් දැන ගන්න ලැබුණා. ඉතින් අපි ඒ ගැන හොයලා බැලුවා. කතාව ඇත්ත… අගෝස්තු 13 ඉරිදා හවස 3.30ට සහ හවස 6.45 ටයි මරදාන ටවර් රඟහලේදී තමයි මේ බැංකු කොල්ලය සිද්ධ වෙන්නේ. ඉතින් ඔබත් වෙලාවට කලින් ඇවිත් අසුන වෙන් කරගෙන ධර්මප්‍රිය ඩයස් බැංකු මංකොල්ල කන හැටි බලාගෙන ඉන්න. හැබැයි ඒ මැද්දට වීරයෙක් වගේ පැනල වෙඩි කන්න නං ලෑස්තිවෙන්න එපා හොඳේ…