News Line| Off Air
Generic placeholder image

Dec
14

සුනඛ සුරතලුන් වෙනුවෙන් අපූරු සැණකෙළියක්

624 Views


සුනඛ සුරතලුන් වෙනුවෙන් අපූරු සැණකෙළියක්

සුනඛ සුරතලුන් වෙනුවෙන් වෙන් වූ අපූරු සැණකෙළියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කබා, මුහුණු ආවරණ සහ ක්‍රීඩා ඇදුමින් සැරසුණු සුනඛයන් එක්වූ මෙම අපූරු සැණකෙලිය පිලිබද පුවත වාර්තා වන්නේ නයිජීරියාවෙන්.

ලාගෝස් සුනඛ සැණකෙලිය ලෙසින් සංවිධානය වූ මෙම උත්සවය එහි පළමු වරට පැවැත්වූ අතර තමන් වෙනුවෙන් ම වෙන්වූ මෙම සාදය සදහා සුනඛයන් එක්ව සිටියේ සිය හිමිකරුවන්ද සමඟයි.

ඒ අතරට සුනඛ ප්‍රබේද 45කට අයත් සුනඛයන් සියගණනක් එක්ව සිටියා.

බහා මෙන් නම් ප්‍රකට ගායක කණ්ඩායම ගායනා කළ හූ ලෙට් ද ඩෝග්ස් අවුට් (Who let the dogs out) ගීතයද මෙහිදී වාදන කෙරුණේ අවස්ථාව වඩාත් උද්වේග කරමින්.

ඉසව්ව සංවිධානය කර තිබුණේ සත්ත්ව අයිතීන් පිලිබද ක්‍රියාකාරීන් පිරිසක් විසින්.

සත්ත්ව සුබසාදනය ප්‍රවර්ධනය හා සුරතල් සත්ත්වයෙකු සිටීමේ අගය වටහාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post