News Line| Off Air
Generic placeholder image

Dec
16

සුදු වෑන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට

471 Views


සුදු වෑන් සම්බන්ධයෙන්  මාධ්‍ය හමුවක් පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අද(16) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා මෙම සිද්ධියට අදාළව පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය. මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් විසින් පුද්ගලයින් පැහැර ගැනීම පිළිබඳ මොවුන්ගෙන් එක් අයෙකු ප්‍රකාශයක් සිදුකළේය. අනෙක් පුද්ගලයා උතුරු ප්‍රදේශයේ සිට රත්‍රං ප්‍රවාහනය කිරීම පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී ඔවුන දෙදෙනාම පෙනී සිටියේ රියදුරන් ලෙසයි. මාධ්‍ය හමුවේදී මොවුන් මනුෂ්‍ය ඝාතන, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම් සහ සොරකම් කිරීම් ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේය.


News Articles
Latest Videos
Most Popular Post