අඩුපහසුකම් සහිත දරුවන් වෙනුවෙන් පවත්වන ලද නත්තල් උත්සවයක් පිළිබඳව ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වනවා.
ඒ සඳහා බොලිවුඩ් රංගන ශිල්පීන් පිරිසක්ද සහභාගිවී සිටීම විශේෂත්වයක්.
ඉන්දියාවේ මුම්බායි නගරයේ වෙසෙන අඩුපහසුකම් සහිත දරුවන් වෙනුවෙන් විශේෂ නත්තල් සැරසිලි කිහිපයක් ඉදිකර ඇති අතර එම සැරසිලි නිරාවරණ කිරීමේ උත්සවය පසුගියදා බොලිවුඩ් රංගන ශිල්පීන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
අලංකාර සංගීත හා මුද්‍රා නාට්‍ය ප්‍රසංග කිහිපයක්ද එහිදී ඉදිරිපත් කර තිබෙනවා.
උත්සවයට එක්වූ බොලිවුඩ් රංගන ශිල්පිනී අනන්‍යා පාන්ඩේ, අඩුපහසුකම් සහිත දරුවන් පිරිසක් සමඟ එක්ව කේක් කපා එම අවස්ථාව සැමරුවා.
මීට සමගාමීව නරගයේ වෙනත් ස්ථානයකදී නත්තල් සැරසිලි, ඇඳුම් පැලඳුම් සහ ආභරණ ප්‍රදර්ශනයක් පවත්වා තිබෙනවා.
ඊට සුපිරි බොලිවුඩ් නළු- නිළි යුවලක් වන අජේ දේව්ගන් සහ කාජල් ඇතුළු බොලිවුඩ් තරු රැසක් එක්වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.