පැහැර ගැනීමකට ලක්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානීයා බැරිස්ටර් ප්‍රැන්සිස් ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කලා.
එමෙන්ම එම කාන්තාව විදේශ ගතවීම වළාක්වාලමින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම ලබන 19වැනිදා මෙම කාන්තාව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පරීක්ෂණයක් සදහා යොමුකරන ලෙස ද වැඩි දුරටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.