News Line| Off Air
Generic placeholder image

Dec
17

පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

706 Views


පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කලා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම විමර්ශනයට අදාළව හිටපු පොලිස්පතිවරු තුන්දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරු හතර දෙනකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

මෙම විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය සහ මුස්ලිම් අමාත්‍යවරුන් කීපදෙනෙකු සහ කාදිනල්තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 23 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණ වල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කලා.


News Articles
Latest Videos
Most Popular Post