අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට අද දිනයෙත් හෙට දිනයේත් ජල සැපයුම අත් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව මාබෝල, ජා-ඇල, කටුනායක, සීදුව, පෑලියගොඩ, වත්තල, මහර, දොම්පෙ, ගනේමුල්ල, රතුපස්වල, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටකුරුන්ද, නාගොඩ, පයාගල, වාද්දුව, වස්කඩුව, කළුවාමෝදර යන ප්‍රදේශ වලට මෙලෙස අද පෙරවරු 8 සිට පස්වරු 7.30 දක්වා ජල සැපයුම අත් හිටවනු ඇති.
එමෙන්ම මහනුවර ප්‍රදේශ කිහිපයකට ද අද උදෑසන 7 සිට හෙට උදෑසන 7 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මන්ඩලය සදහන් කරනවා. ඒ අනුව කඩුගන්නාව, පිළිමතලාව, අගුනාවල, ගන්නෝරුව, පේරාදෙණිය, කෙහෙල්වල, උඩපේරාදෙණිය, මහකන්ද, කිරිබත්කුඹුරු, ඊරියගම, බලන, පොත්තපිටිය, බෝවලවත්ත, ඔගස්ටාවත්ත, මුරුතලාව, වතුරකුඹුර, පානබොක්ක අතුළු ප්‍රදේශවලට අදාල කල සිමාව තුල ජල සැපයුම අත්හිටුවනු බවයි වාර්තා වන්නේ.