News Line| Off Air
Generic placeholder image

Dec
17

737 මැක්ස් යානා නිපදවීම බෝයිං සමාගම තාවකාලිකව අත්හිටුවයි

665 Views


737 මැක්ස් යානා නිපදවීම බෝයිං සමාගම තාවකාලිකව අත්හිටුවයි

අර්බුද රැසකට මුහුණදුන් මැක්ස් 737 වර්ගයේ ගුවන්යානා නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවීමට බෝයිං සමාගම තීරණය කර තිබෙනවා. ලෝක ප්‍රකට ගුවන්යානා නිපදවීමේ සමාගමක් වූ බෝයිං සමාගමට පසුගිය වසර එතරම් සාර්ථක වසරක් වුයේ නැති අතර ඒ එම කාලසීමාවේදී බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන්යානා දෙකක් ඉන්දුනීසියාව හා ඉතියෝපියාවේදී අනතුරට පත්වීමෙන් ඒවායේ ගමන්කළ 346දෙනෙක් මියයාම හේතුවෙන්.

අනතුරු සම්බන්ධව බෝයිං සමාගම වෙත චෝදනා එල්ල වූ අතර ඊට දක්වන නවතම ප්‍රතිචාරය ලෙසින් 737 මැක්ස් යානා නිෂ්පාදනය ලබන ජනවාරි මාසයේ සිට තාවකාලිකව අත්හිටුවීමට සමාගම තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post