රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ දැවැන්ත සේවයක් ඉටුකරන සුවිශේෂ පුද්ගලයින් ඇගයීම සදහා සමස්ථ ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරන ගෞරවනාම ප‍්‍රදානය කිරීමේ උත්සවය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා.
සමබර ප‍්‍රවෘත්ති විකාශයන් ජනතාවට තිලිණ කරමින් නිරන්තරයෙන්ම යහපත් දෙයින් ජනමනස පුබුදුවාලන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත TV ජ්‍යේෂ්ඨ ප‍්‍රවෘත්ති කළමණාකරු උදයශාන් ඉඩමේගෙදර මහතාටද මෙහිදී දේශමාන්‍ය ගෞරවනාමය පිරිනැමුණා.
මේ අතර සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලැබූ සෞඛ්‍ය මාධ්‍ය සම්මාන උලෙළේදී සියත TV ඔස්සේ විකාශනය වන සෞඛ්‍යමය කතිකාවන් වෙනුවන් වන සම්මානය විධායක නිෂ්පාදක ඉරංග කෝසල පීරිස් මහතා විසින් හිමිකරගත් අතර සෞඛ්‍ය වැඩසටහන් ප‍්‍රවර්ධන මෙහෙවර වෙනුවෙන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදී චමින්ද මිහිරි ගමගේද සම්මානයක් හිමිකරගත්තා.