අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිත බව එරට කථානායක නැන්සි පොලෝසි පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය දා කොංග්‍රස් මණ්ලයේ නීති කමිටුව පසුගිය දා අනුමත කරන ලද කරුණු මත පදනම්ව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බවයි. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් තමන්ට අදාළව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයට අදාළව එරට කොංග්‍රස් මණ්ඩල කථානායක නැන්සි පොලෝසි වෙත පිටු 6 කින් යුතු ලිපියක් යොමු කර තිබෙනවා.
එමගින් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දෝෂාභියෝගය අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි විවෘත යුද්ධයක් බවත් කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරන්නේ දෝෂාභියෝගයක වටිනාකම එමගින් විනාශ කර ඇති බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද පැවැත්වීමට නියමිති ඡන්ද විමසීමේ ප්‍රතිඵලයට යම් බලපැමක් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ලිපිය යොමු කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම දෝෂාභියෝග ඡන්ද විමසුම කාගේත් අවධානයට ලක්වනු ඇති බවට විදෙස් වාර්තා අනාවරණය කරනවා.