News Line| Off Air
Generic placeholder image

Dec
18

ජනපති ගෝඨාභයගෙන් තවත් ආදර්ශයක්

785 Views


ජනපති ගෝඨාභයගෙන් තවත් ආදර්ශයක්

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබෙනවා.

එහි බරපතල පාරිසරික බලපෑම ගැන ජනාධිපතිවරයා අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිවරය උපදෙස් දී තිබෙනවා.

එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වනු ඇති අතර සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණය විශාල වශයෙන් අඩු වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post