News Line| Off Air
Generic placeholder image

Dec
18

පාවෙන නත්තල් ගසක් බ්‍රසීලයෙන් වාර්තා වෙයි

671 Views


පාවෙන නත්තල් ගසක් බ්‍රසීලයෙන් වාර්තා වෙයි

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ ඉදිකර ඇති පාවෙන නත්තල් ගසක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

රියෝද ජැනයිරෝහි වෙරළාසන්නයේ වාර්ෂිකව ඉදිකරනු ලබන පාවෙන නත්තල් ගස මෙවරත් දක්නට ලැබෙන අතර මෙම පාවෙන නත්තල් ගස පළමු වරට ඉදිකර තිබෙන්නේ 1996 වර්ෂයේදීයි. නත්තල් ගස පළමු වරට ආලෝකමත් කිරීම පසුගිය සෙනසුරාදා සිදුකෙරුණා.

නත්තල් ගස ආලෝකමත් කිරීමට සමගාමීව අලංකාර ගිනිකෙලි සංදර්ශනයක්ද පවත්වා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. පාවෙන නත්තල් ගස නැරඹීමට වාර්ෂිකව බොහෝ පිරිසක් මෙම ප්‍රදේශයට පැමිණෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post