News Line| Off Air
Generic placeholder image

Dec
18

අගමැති හා මෙරට චීන තානාපති අතර හමුවක්

544 Views


අගමැති හා මෙරට චීන තානාපති අතර හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

චීන රජය ශ්‍රී ලංකා රජයත් සමඟ එක්ව මෙරට තුළ සිදුකරනු ලබන ව්‍යාපෘති පිළිබඳ චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බව අද(18) පෙරවරුවේ පැවති මෙම හමුවේදී සාකච්ඡා කළ බව සදහන්.

එමෙන්ම ඉදිරියේදී සිදුකිරීමට නියමිත අනාගත ව්‍යාපෘතීන් පිළිබඳවද මෙහිදි සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

මේ අතර මෙරට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින්දු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා සිදුකළ ඉන්දියානු සංචාරයෙන් අනතුරුව දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා වන අංශ ගණනාවක් සම්බන්ධයෙන් එම හමුවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post