සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය අද කරච්චි හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩි හිදී පැවැති පළමු තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර මේ අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ආබාධයකට ලක් වු වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතගේ ආබාධ තත්වය තවමත් සුව වී නොමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.