News Line| Off Air
Generic placeholder image

Dec
19

ට්‍රම්ප් එරෙහි දෝෂාභියෝගයට අදාල නඩු විභාගය ලබන ජනවාරියේ

922 Views


ට්‍රම්ප් එරෙහි දෝෂාභියෝගයට අදාල නඩු විභාගය ලබන ජනවාරියේ

දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වුණා. එහිදී දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230 ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 197 ක් වන අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද 216 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත යුතු වී තිබුණා. සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්‍රසයේ ක්‍රියාවලියට බාධා කිරීම යන චෝදනා ජනපති ට්‍රම්ප්ට එල්ල වී තිබුනේ.

සිය දේශපාලන ප්‍රතිවාදී ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක් පවත්වා ඔහු අපකීර්තියට පත්කරන ලෙස යුක්‍රේනයට බලපෑම් කිරීම ජනාධිපති ට්‍රම්ප්ට එම චෝදනා එල්ලවීමට මූලික හේතුවයි. ඒ අනූව දෝෂාභියෝගයට අදාළ සෙනට් නඩු විභාගය ලබන ජනවාරියේදී ඇරඹෙනු ඇති.

ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයකට ලක් වූ තෙවන ජනාධිපතිවරයා බවට පත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post